Thursday, December 24, 2015
Wednesday, November 18, 2015
නූතන ඉරාකය පැරණි මෙසපොතේමියාව හා බැබිලෝනියාව යන රාජ්‍යයන්ට පිළිවෙලින් අයත්ව තිබූ භූමියයි.ක්‍රි.පු.605 - 562 දක්වා යූප්‍රටීස් නදිය අසබඩ බැබිලන් නගරය අගනුවර කර ගනිමින් බැබිලෝනියාව පාලනය කලේ දෙවන නෙබුකඩ්නෙසර් රජුය.මෙම රජුගේ අග මෙහෙසිය වූ ඇමතිස් නම් වංශවත් කාන්තාවගේ නොසතුට දුරුකිරීම පිණිස පහල සිට ඉහලට හෙල්මළු ආකාරයෙන් සැකසූ උයන් පද්ධතියක් තනවන ලදි.ඇය ප්‍රිය කරන සියලුම ගස් වැල් හා ලෝකයේ විවිද රටවලින් ගෙනෙන ලද ශාක එහි සිටුවීය.ඈත සිට බලන කල ගස්වැල් අහසේ එල්ලෙමින් තිබෙන්නාක්මෙන් පෙනුන නිසා මෙයට "එල්ලෙන උයන" ලෙස නම් තැබීය.මෙම උයන් පද්ධතියට යුප්‍රටීස් නදියේ සිට සැඟවුන නළ මාර්ගයක්ද උයන වටා මීටර් 7ක් පමණ ඝනකම් තාප්පයක්ද තිබී ඇත.උයන තුල ගස්වැල් පමණක් නොව තැනින් තැන විවිධ කිරිගරුඬ ප්‍රතිමාද,උයන වටා භෝජනාගාර,පිහිනුම් තටාක,රංගන හා සංගීත ශාලා සහ ජලජ පුෂ්පයන්ගෙන් අලංකාරවූ පොකුණුද තිබී ඇත.මෙම පොකුණුවල ජලය කොල,නිල්,රතු හා රන් ආදීවශයෙන් වර්ණගන්වා තිබී ඇත.
ක්‍රිස්තු පූර්ව 550 පමණ කාලයේ තුර්කියේ කාරියා නම් රාජ්‍යක් පැවතිණි.එහි රජකම් කල මෝසලස් නම් රජතුමා මිසරයේ පාරාවෝ රජුන් අනුගමනය කරමින් තමන් ජීවත්ව සිටියදීම තමන් මළ පසු තම දේහය තැන්පත් කිරීම සඳහා හෙලිකානස් නම් ස්ථානයේ සොහොන් ගැබක් තැනවීම ආරම්භ කරන ලදි.එහෙත් එය නිමවීමට පෙර රජතුමා මියගියේය.
මේ රජුගේ බිසව වූ ආ'ටිමීසියා එම සොහොන් ගැබේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීම සඳහා හොඳම නිර්මාණ ශිල්පීන් හතරදෙනෙකු යොදන ලදි.මෙම ස්මාරකයේ සැලැස්ම අදත් ග්‍රීසියේ කෞතුකාගාරයක තැන්පත්ව ඇත.මෙම ස්මාරකයේ උස මීටර් 43ක් පමණවේ.එහි මධ්‍යයේ මෝසලස් රජුගේ දේහය තැන්පත් කර තිබූ මධ්‍යම කුටියට ඉහලින් යටකී උසැති අටල්ල අහසට යොමුව නැගීසිටියේය.මෙම ස්මාරකයේ ග්‍රීක මෝස්තරය අනුව ඉදිකල කුළුනු 36ක් විය.මෙහි ලෝහ කැටයමකින් මෝසලස් බිසව හා රජු යුධ රථයකින් ගමන් ගන්නා ආකාරය නිරූපනය වේ.පසු කලෙක භූමිකම්පාවකින් මේවා විනාශ විය.දැන් ඒවා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.
ග්‍රීකයන් විසින් ආටිමිස් ලෙසින්ද, රෝමන්වරුන් විසින් ඩයනා යන නමින්ද, හැඳින්වෙන්නේ දඩයමට අදිපති දෙව්දුවයි. ක්‍රි.පු. 550දී පමණ ඊජියන් මුහුදේ නැගෙනහිර වෙරළෙහි ඊපිසස් නම් ස්ථානයේ එම දෙව්දුව සඳහා දෙවොලක් ඉදිකර තිබිණි.මෙම දෙවොලේ දිග මීටර් 122කි.පළල මීටර් 67කි.එහි දෙපේළියට සිට වූ එකක් මීටර් 20ක් උස යෝධ කුළුණු 127ක් විය.දෙවොලේ වහලය රැඳුනේ එම කුළුණු මතය.මෙහි බිම අලංකාර තණබිම් පොකුණු සහ නානාවිධ ගස්වැල් වලින් සමන්විත උද්‍යාන විය.මෙය ග්‍රීක නිර්මාණ ශිල්පය මුළුමනින්ම අනුකරණය කරමින් හැම අතින්ම අංග සම්පූර්ණව තනා තිබුණි.දෙවොලේ බිත්ති මුතු මැණික් හා රන් රිදී ආදියෙන් විවිධාකාරව සරසා අලංකාරකොට තිබිණි.මෙහි ආලංකාරය අසලින් ගිය සංචාරකයන්ගේ මවිතයට හේතුවිය.එම නිසා මෙම දෙවොල පැරණි ලෝකයේ ඉතා ප්‍රසිද්ධ නිර්මාණයක්ව පැවතුනි.
Dynamic කුලුණ ලෙසද හදුන්වන මෙය ඩුබායිහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උස
අඩි 1378ක් හා තට්ටු 80කින් සමන්විත චලනය වන ගගන චුම්බිතයකි.ගෘහ නිර්මාණ
ශිල්පී David Fisher මෙහි නිර්මාතෘ වරයායි.මෙහි සෑම තට්ටුවකටම නිදහසේ
කැරකීමට හැකියාව ඇත.මේ හෙතුවෙන් මෙම කුලුණේ හැඩය නියත වශයෙන්ම වෙනස් වේ.සෑම
තට්ටුවක්ම මිනිත්තුවකට උපරිම වශයෙන් මීටර් 6ක් කැරකීමට ලක්වේ.එසේ නැතහොත්
එක් සම්පූර්ණ වටයක් කැරකීමට මිනිත්තු 90ක් ගතවේ.මෙය ලෝකයේ ප්‍රථම වතාවට
කෘත්‍රිමව නිර්මණය වු ගගන චුම්බිතය වන අතර සෑම තට්ටුවකටම කර්මන්තශාලා 40ක්
සෑදීමට සූදානම් කර ඇත.කුලුණෙන් 90%ක ප්‍රමාණයක් කර්මාන්තශාලා ස්දහා වෙන් කර
ඇත.මෙම කුලුණ සදහා සම්පූර්ණයෙන්ම බලශක්තිය ලබා දෙනුයේ සුලන් ටෙර්බයින හා
සූර්ය පැනල මගිනි.
Subscribe to:
Posts (Atom)






