Pages

Sunday, January 10, 2016

අද ක්‍රිකට් මැච් එකේදී ලංකාවේ හයක් පිට්ටනියෙන් එළියට දාලා  

ඔන්න අද නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ තරඟය අතරතුර අපේ ප්‍රේක්ෂකයෝ කිහිපදෙනෙක්ට ටිකක දුක හිතෙන වැඩක් වෙලා. ඒ ලංකාවේ නරඹන්නන් හය දෙනෙකුව පිටියේ ආරක්ෂකයින් මගින් පිටියෙන් ඉවත් කරන්නට කටයුතු යෙදීම නිසා.

මේ කට්ටිය ඇවිත් තියෙන්නේ කුඩා ප්‍රමාණයේ බෙර අරගෙන.ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා මේ කට්ටිය බෙරවලට තල තල සතුටු වෙලා තියෙනවා. එකපාරට පිට්ටනියේ හිටපු ආරක්ෂකයින් ඇවිත් මේ හය දෙනවා පිට්ටනියෙන් එළියට දාලා. මෙයාලගේ සද්දේ පිට්ටනියේ එතන හිටපු අනිත් අයට කිසිම කරදරයක් වෙලත් නෑලු. 

මේ සිද්ධිය ගැන සමාජ මාධ්‍යවල දැඩි දෝෂාරෝපණයක ලක් වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ සිද්ධිය ගැන නවසීලන්ත පොලිස් සන්නිවේදන අංශය දන්නේ නෑ කියලා තමා කියන්නේ. මෙහෙම දෙයක් වෙලා නෑ කියලා එයාලා කිව්වට එක එහෙම වෙලා කියන්න වීඩියෝ එකකුත් තියෙනවා.


මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

0 comments:

Post a Comment