Pages

Tuesday, January 12, 2016

ප්‍රේක්ෂකයා සමඟ ඇති වූ මත ගැටුම ගැන ඩිල්ෂාන් කතා කරයි 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳ සමාජයේ කතාබහක් ඇති විය.

එහිදී එම ප්‍රේක්ෂකයා හා තිලකරත්න ඩිල්ෂාන් අතර මත ගැටුමක් ඇතිවිය. කෙසේවෙතත් එම සිදුවීමට මුහුණ දුන් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මෙලෙස සඳහන් කළේය.

“අපේ රටේ කෙනෙක් මේ වගේ දෙයක් කිව්ව එක ගැන කණගාටු වෙනවා. විශේෂයෙන් ඕක වෙන වෙලාවක කිව්වනම් මට ගාණක් නෑ. තරගෙ පැරදිලා එනකොට තමා කිව්වේ.“  

එම වීඩියෝව

සේරුවාවිල අහසේ මතු වූ සැතපෙන බුදුරුව


                                                           අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවියන්,බඹුන්,මිනිසුන් නමස්කාර කරයි.

භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. 


                         

Sunday, January 10, 2016

කටුනායකදි ගුවන් යානයක් ඇතුලේ මීයෙක් පිස්සු නටලා – පැය 5ක මෙහෙයුමකින් මීයා මාට්ටු

මීයෙක් නිසා ගුවන් යානයකට වෙච්ච ඇබැද්දියක් ගැන මීට කළින් ඔයාලා අහලා තියෙනවද? එකත් ලංකාවෙන්. අහලා නෑ නේ. එහෙනම් දැන් අපි ඒ කතාව කියන්නම්. 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ මදුරෙයි බලා ඊයේ දිනයේ පිටත්ව යාමට තිබූ ගුවන් යානයක මීයෙක් ඉඳලා තියෙනවා. ඒකත් ලංකාවේ ගුවන් සමාගමට අයත් ගුවන් යානයක.

දන්නවද මේ මීයා නිසා ගුවන් යානය පැය 5කට වඩා ප්‍රමාද වෙලා. මේ මීයව දැකලා තියෙන්නේ ඒ ගුවන් යානයේ හිටපු ගුවන් මගියෙක්මයි. ඔහු තමා කට්ටියට කියලා තියෙන්නේ මෙන්න මෙන්න ප්ලේන් එකේ මීයෙක් කියලා.

කොහොමහරි කට්ටිය ලොකු වෙහෙසක් වෙලා මීයව ගුවන් යානයෙන් එළියට අරගෙන. උදේ 7.30ට යන්න තිබුණ ගුවන් යානය දවල් 1.12 ට ගියාලු. මීයෙක් කළ හදියක් ...

අනිත් උන්ට බැරිම් මමවත් ගහනව කියල  බැරිම තැන ඇන්ජි වැඩ පෙන්නයි

 දැනටමත් ඔයාලා දන්නවා ඇති නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අද දෙවැනි විස්සයි විස්සත් පරාද වුණා කියලා. කමක් නෑ ජය පරාජය මොකක් වුණත් අපි අපේ කණ්ඩායමට සුභ පතමු වැරදි හදාගෙන හොඳ ටීම් එකක් විස්සයි විස්ස ලෝක කුසලානෙට හදන්න පුළුවන් වෙන්න කියලා.

අද තරඟය අමතක වෙන්නේ නෑ. මොකද ඇන්ජෙලෝ මැතිව්ස් අමතක නොවෙන විදියට පන්දුවට පහර දුන්න නිසා. බෝල 49කට ලකුණු 81 නොදැවී ගහන්න අන්ජිට පුළුවන් වුණා. මේ ලකුණු 81ක හයේ පහරවල් 4කින් සහ හතරේ පහරවල් 7කින් වර්ණවත් කරන්න ඇන්ජෙලෝ හැකි වුණා.

අද ඇන්ජි වැඩ පෙන්නපු හැටි සහ අද මැච් එකේ වුණ දේවල් ඔක්කම මේ වීඩියෝ ඒකෙන් බලන්න…

අද ක්‍රිකට් මැච් එකේදී ලංකාවේ හයක් පිට්ටනියෙන් එළියට දාලා  

ඔන්න අද නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ තරඟය අතරතුර අපේ ප්‍රේක්ෂකයෝ කිහිපදෙනෙක්ට ටිකක දුක හිතෙන වැඩක් වෙලා. ඒ ලංකාවේ නරඹන්නන් හය දෙනෙකුව පිටියේ ආරක්ෂකයින් මගින් පිටියෙන් ඉවත් කරන්නට කටයුතු යෙදීම නිසා.

මේ කට්ටිය ඇවිත් තියෙන්නේ කුඩා ප්‍රමාණයේ බෙර අරගෙන.ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා මේ කට්ටිය බෙරවලට තල තල සතුටු වෙලා තියෙනවා. එකපාරට පිට්ටනියේ හිටපු ආරක්ෂකයින් ඇවිත් මේ හය දෙනවා පිට්ටනියෙන් එළියට දාලා. මෙයාලගේ සද්දේ පිට්ටනියේ එතන හිටපු අනිත් අයට කිසිම කරදරයක් වෙලත් නෑලු. 

මේ සිද්ධිය ගැන සමාජ මාධ්‍යවල දැඩි දෝෂාරෝපණයක ලක් වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ සිද්ධිය ගැන නවසීලන්ත පොලිස් සන්නිවේදන අංශය දන්නේ නෑ කියලා තමා කියන්නේ. මෙහෙම දෙයක් වෙලා නෑ කියලා එයාලා කිව්වට එක එහෙම වෙලා කියන්න වීඩියෝ එකකුත් තියෙනවා.


මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

ක්‍රිකට් ඉතිහාසයේ වෙන්න පුළුවන් ලොකුම දේ බිග් බෑෂ්වල සිද්ද වෙයි

 

දන්නවනේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ තියෙන බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලිය ගැන. ඊයේ මේ තරඟාවලියේ තිබුණු තරඟයක අපුරු කඩුල්ලක් අහම්බෙන් දැවී ගියා. 

මෙන්න බලන්න...