Pages

Wednesday, November 18, 2015

නූතන ඉරාකය පැරණි මෙසපොතේමියාව හා බැබිලෝනියාව යන රාජ්‍යයන්ට පිළිවෙලින් අයත්ව තිබූ භූමියයි.ක්‍රි.පු.605 - 562 දක්වා යූප්‍රටීස් නදිය අසබඩ බැබිලන් නගරය අගනුවර කර ගනිමින් බැබිලෝනියාව පාලනය කලේ දෙවන නෙබුකඩ්නෙසර් රජුය.මෙම රජුගේ අග මෙහෙසිය වූ ඇමතිස් නම් වංශවත් කාන්තාවගේ නොසතුට දුරුකිරීම පිණිස පහල සිට ඉහලට හෙල්මළු ආකාරයෙන් සැකසූ උයන් පද්ධතියක් තනවන ලදි.ඇය ප්‍රිය කරන සියලුම ගස් වැල් හා ලෝකයේ විවිද රටවලින් ගෙනෙන ලද ශාක එහි සිටුවීය.ඈත සිට බලන කල ගස්වැල් අහසේ එල්ලෙමින් තිබෙන්නාක්මෙන් පෙනුන නිසා මෙයට "එල්ලෙන උයන" ලෙස නම් තැබීය.මෙම උයන් පද්ධතියට යුප්‍රටීස් නදියේ සිට සැඟවුන නළ මාර්ගයක්ද උයන වටා මීටර් 7ක් පමණ ඝනකම් තාප්පයක්ද තිබී ඇත.උයන තුල ගස්වැල් පමණක් නොව තැනින් තැන විවිධ කිරිගරුඬ ප්‍රතිමාද,උයන වටා භෝජනාගාර,පිහිනුම් තටාක,රංගන හා සංගීත ශාලා සහ ජලජ පුෂ්පයන්ගෙන් අලංකාරවූ පොකුණුද තිබී ඇත.මෙම පොකුණුවල ජලය කොල,නිල්,රතු හා රන් ආදීවශයෙන් වර්ණගන්වා තිබී ඇත.

0 comments:

Post a Comment